අපි ගැන
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් මෙරට විදුලි බල කර්මාන්තය සහ වේවිධ උපයෝගිතාවන් නියාමනය සඳහා පිහිටුවන ලදී.
![The Galle lighthouse at sunset, framed by coconut palms. [TODO: si]](/_next/image?url=https%3A%2F%2Fstrapi-pucsl.teamazbow.com%2Fuploads%2Flighthouse_360b834097.webp&w=3840&q=75)
කොමිසමේ කාර්යය
බලපත්‍රලාභියාගේ වගකීම නිසි ලෙස ඉටුකිරීමට පසුබිම සෑදීම මගින් පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කර්මාන්තයේ යහපැවැත්මට කටයුතු කිරීම අපගේ අභිලාශයයි.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
මෙරට විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාත්මක වේ. ජල සේවා කර්මාන්තය සහ ඛණිජ තෙල් කර්මාන්තය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නම් කර ඇත. ලිහිසිතෙල් කර්මාන්තයේ ඡායා නියාමන ආයතනය ලෙස කටයුතු කරන්නේද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. ඊට අදාල පන්ත් සංශෝධන තත්වයේ පවතී එලෙසම ජල සේවා හා ඛණිජතෙල් කර්මාන්තයන්හි නියාමන කටයුතු සඳහා අප සූදානමින් සිටී. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණ ගැනීමේදී, පාර්දෘශ්‍ය ක්‍රියාපටිපාටියක් අනුගමනය කරයි. මෙහිදී 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් සපයා ඇති ප්‍රතිපාදන අනුව මහජන උපදෙශනය හෝ පාර්ශවකරුවන් සඳහා උපදේශන පවත්වා එම අදහස්ද සලකා බලමින් විදිමත් ක්‍රියාපටිපාටියක් යටතේ තීන්දු තීරන ගනු ලබයි.
අප ක්‍රියාකරන ආකාරය
වර්ෂ 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජ උපයෝගිතා කොමිෂන් සභා පනත යටතේ පාර්ලිමේන්තුව මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවන ලදී. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් විදුලි බල කර්මාන්තයේ නියාමන බලතල කොමිෂන් සභාවට පවරණු ලැබීය.
![An electricity transmission tower against a bright blue sky. [TODO: si]](/_next/image?url=%2Fimages%2Fabout%2Fhow-we-work.png&w=3840&q=75)
පාර්ශවකරුවන්
පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාකිරීම, කොමිෂන් සභාවේ ප්‍රධානම අරමුණයි. බලපත්‍රලාභීන්ගේ නිසි කාර්යසාදනයට උරදීමද කොමිෂන් සභාවේ තවත් අරමුණකි. තීරණ ගැනීමේදී සියළුම පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන පාරදෘශ්‍ය භාවයකින් අවසාන තීරන වලට එලබේ.
